නුවර පාරේ පරණම චාජරේ හිටෙව්ව දවල් කන්නත් එක්ක. නුවර ඉඳන් මහියංගණයට ගිහින් දහ අට වංගුවත් දෙපාරක් ඇදං ඇවිත් මෙතනට එද්දිත් මේ 40 kwh බැටරියේ තව කාලක් විතර ඉතුරු තිබුණා. ආයෝජනයක් විදියට EV Charger දානවා නම් කෑම කඩයක් එක්ක හෝ ඒ ළඟ දාන්න ඕන. දුර යද්දි ටැංකිය පුරෝගන්න පැය බාගේ හොඳටම ගත කරන්න පුළුවන් එතකොට. දෙපැත්තෙන්ම බිස්නස් හැදෙනව. අනාගතයේ මේවා පෙට්‍රල් ෂෙඩ් වගේ හැමතැනම වැටෙන නිසා තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් එතකොටයි. අපි EV charging business opportunities හදද්දි මේවා සහ තව දේවල් ගැන විශේෂයෙන් බලනවා. චාජ් වෙන්න දාලා නෙළුම්දෙනිය Currymuch එකට කන්න ගියාට ඒ වෙලාවේ තිබුණෙ එලවලු දෙකකුයි බතුයි විතරයි. ඊට පස්සේ මේ අල්ලපු කඩේට ගියා, එලෝලු වර්ග පහක් හයක් ඌරු මස් එක්ක මාර කෑමක් කෑවා. මස් වගේම එළවලුත් පට්ට රසට උයලා තිබුණා. කෑම එකක් රුපියල් 750යි. ෆොටෝ ගන්නත් අමතක උනා කන්න තිබිච්ච හදිස්සියට 😜 මට සාමාන්‍යයෙන් හොඳ කඩ හම්බෙනවා, මේකත් සුපිරි 🤩😋